කොළොම්බියාව වාමාංශික කැරලි නායකයකු අල්ලයි

කොළොම්බියාවේ වාමාංශික FARC කැරළි සංවිධානයේ ප්‍රබලයකු ලෙස සැලකෙන ෆ්‍රැන්සිස්කෝ දුරන්ගෝ උසුගා හෙවත් “ඒරියල්” හෙවත් “ෆ්‍රීටා” නමැත්තා අල්ලාගැනීමට සමත් වූ බව එරට ජනාධිපති ඉවාන් ඩූක් නිවේදනය කළා.
මෙම තැනැත්තා වෙනෙසුවේලා දේශසීමාබද ප්‍රදේශයක ක්‍රියාත්මක වූ අතර ගිනි අවි නිපදවීම, ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම මෙන්ම මත් ජාවාරම පිළිබඳ ද සැකකරුවෙක් වනවා.


මොහු වසර තිහක පමණ කාලයක් ත්‍රස්ත ක්‍රියාවල යෙදුණෙක් බවයි ජනාධිපති ඩූක් කියා සිටින්නේ.
FARC හෙවත් කොළොම්බියානු විප්ලවකාරී සන්නද්ධ බලකාය සිය මාක්ස්වාදී ආයුධ සන්නද්ධ අරගලය දියත් කළේ 1964 වසරේදී යි. 2016 දී ඔවුන් හා රජය අතර ඇතිවූ සාමගිවිසුමකට පසු ඔවුන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක් වුණා. එහෙත් ඊට එරෙහි වූ දැඩිමතධාරී FARC සාමාජිකයන් පිරිසක් 2019 දී නැවත සන්නද්ධ අරගලයක් කරා එළඹුණා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor