ඩ්‍රෝන කැමරා මගින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයයි…

අද (23) සිට ඩ්‍රෝන කැමරා මගින් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල්නිවාස සහ වතු නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ දැයි පරීක්ෂා කරන බව පොලීසිය සදහන් කරයි.

එම වැඩසටහන විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.

එම නිසා කණ්ඩායම් ලෙස එකතු නොවී තමන්ගේ නිවෙස්වලට වී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම ඉදිරි දින කිහිපය තීරණාත්මක බැවින් කොවිඩ් -19 වසංගතය පාලනය කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani