දෙවන PSR පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ පුහුණු කරුවකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මංජුල නානායක්කාර මහතා සදහන් කලේ බංගලාදේශ සංචාරය සඳහා එක්ව සිටින ඉසුරු උදානට , ශිරාන් ප්‍රනාන්දුට සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස්ට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

PSR පරීක්ෂණ වල ප්‍රතිඵලය මත අද තරගය පැවැත්වීමට නියමිත බව සදහන් කලද දෙවන PSR පරීක්ෂණයෙන් චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අද අද දහවල් 12.30ට දෙරට අතර පළමු එක් දින තරගය ආරම්භ වීමට නියමිතයි.

Recommended For You

About the Author: Jayani