
ඇමරිකාවේ සියැට්ල් නගරයේ විරෝධතා පාලනය කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේ පොලිසියට ගල් මුල්, බෝතල් ආදී විවිධ ද්‍රව්‍යවලින් ප්‍රහාර එල්ල වී තිබෙනවා.
නගරයේ ගොඩනැගිලි කිහිපයකට ද විරෝධතාකරුවන් පහර දී ඇතැයි වාර්තා වූ අතර ගිනි තැබීම් ද වාර්තා වනවා.
පොලිසිය මෙම උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රදේශයේ මහජන කැරලි කෝලාහල තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.
සියැට්ල් නගරය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු ඇතිවූ උද්ඝෝෂණවල ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුණා. කලක් විරෝධතාකරුවන් පිරිසක් එහි කොටසක “ස්වතන්ත්‍ර ප්‍රදේශයක්” ප්‍රකාශයට පත්කර එහි කඳවුරු බැඳගෙන ද සිටියා.
