එංගලන්තය ජයග්‍රහණය දෙසට?

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ එංගලන්ත සංචාරයේ තෙවන ටෙස් ට් තරඟයේ දෙවන දිනය නිමා වන විට එංගලන්තය තරඟයේ ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත.තරඟයේ පළමු දිනය නිමා වන විට කඩුගු 4 ට ලකුණු 258 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද ලකුනු 369 ක් වන විට සියළු දෙනාම දැවී ගියහ.පළමු දිනයේ නොදැවී සිට ඕලි පොප් පළමු දිනයේ ලබා සිටි ලකුණු 91 ට එකඳු ලකුණක් හෝ එක් කරන්නට ප්‍රථම දවා ගන්නට කොදෙව්වන්ට හැකි විය.ඔහු සමඟ සිටි ජොස් බට්ලර්ට ද වැඩි වේලාවක් පිටියේ රැදෙන්නට අවස්ථාව නොලැබුණු අතර ඔහු ලකුණු 67 ට දැවී ගියේය.

කොදෙව් පන්දු යවන්නන් පොප්ගෙන් සහ  බට්ලර්ගෙන් පසු එංගලන්ත ක්‍රීඩකයන් සිය ග්‍රහණයට නතු කර ගත්තද,පන්දු 45 න් ගලා ආ ලකුණු 62 ක් ලබා ගනිමින් එංගලන්තයට විශාල අස්වැසිල්ලක් ගෙන දුන්නේය.කොදෙව්වන් වෙනුවෙන් කැමරන් රෝච් හොඳම පන්දු යැවීම ඉටු කළ ක්‍රීඩකයා ලෙස ලකුණු 72 ට කඩුලු 4 ක් දවා ගත්තේය

පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් කණ්ඩායමට ඉලක්කය පහසු එකක් නොකරන්නට වග බලා ගනිමින් එංගලන්ත ආරම්භක පන්දු යවන්නන් යුගලය වන ජෙම්ස් ඇන්ඩර්ස්න් සහ ස්ටුවර්ට් බෝඩ් ක්‍රියාක්මක වන්නට ගත් හ.එහි ප්‍රතිපලයක් ලෙස දිනය නිමා වන විට කොදෙව්වන්ට ලකුණු 137 ක් ලකුණු පූවරුවට එකතු වෙද්දී කඩුලු 6 ක් ම අහිමි වී තිබිණ.

කෙදෙව් කණ්ඩායමේ ක්‍රීඩක බල ඇණිය පන්දුවට පහර දෙමින් මන්දගාමී මෙන්ම අසාර්තක පිති හරඹයම දියත් කළ අතර ඒ නිසා දෙවන දිනය නිමා වන විට කොදෙව් පිතිකරුවන් ලකුණු 232 ත් පිටුපසින් සිටින්නේ පසුපෙළ කඩුලු හතරක් පමණක් අතැතිවය.ඔවුන් සතුව සිටින පිළිගත හැකි අවසන් පිතිකරු යුගය ලෙස හැදින්විය හැකි ජේෂන් හෝල්ඩර් (24) සහ ෂේන් ඩව්රිච් (19) කඩුල්ලේ රැඳී සිටිති.නමුත් ක්‍රිකට් යනු විශ්මය දැනවිය හැකි ක්‍රීඩාවකි.හෝල්ඩර් මෙන්ම ඩව්රිච් ද ශතකලාභි දිගු ඉණිම් සම්බන්ධයෙන් උදාහරණ සහිත ක්‍රීඩකයෝය.

ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය.

https://www.espncricinfo.com/series/19497/scorecard/1225249/england-vs-west-indies-3rd-test-west-indies-in-england-2020

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor