ක්‍රීඩාව හරහා ලිප්ටන් වට රවුමට උපාධියක්?

හනි හනිකට ආරම්භ කරන්න උත්සාහ කරන ක්‍රීඩා විශ්ව විද්‍යාලය මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් බෝ කරන මධ්‍යස්ථානයක් වනු ඇති බවට ක්‍රීඩා ප්‍රවීනයෝ අනතරු හඟවති.මේ සම්බන්ධයෙන් මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රීඩා ප්‍රවීනයෝ පෙන්වා දෙති.

“දැනට තියෙන උපාධිත් වෘත්තිමයභාවය රහිත සහ හීන උපාධි ලෙස හඳුන්වනවා.රැකියා වෙළද පොළට ගැලපෙන අධ්‍යාපනයක් නැති එක විශාල ප්‍රශ්නයක්.රැකියා රහිත උපාධිධාරීන් රටේ ප්‍රශ්නයක්.එහෙම තියෙද්දි ඒ උපාධිධාරී විරැකියා ගොන්නට තව පිරිසක් එකතු කරන වැඩක් මේ.” ක්‍රීඩා උපාධියෙන් පසුව ඔවුන්ට රටේ රැකියා වෙළද පොළක් නැතිකම ගැන අදහස් දක්වමින් එම ප්‍රවීනයෝ පෙන්වා දෙති.

මේ වන විටත් අඩු නැතිව රැකියා විරහිත උපාධිධාරීන් ලිප්ටන් වට රවුමට රොක් වෙන සුලබ දසුනක් බවත් ඒ සඳහා තවත් පිරිසක් සූදානම් කිරීමක් ක්‍රීඩා විශ්ව විද්‍යාලය හරහා සිදු විය හැකි බවත් එම ක්‍රීඩා ප්‍රවීනයෝ අනතුරු අඟවති.දැනට ක්‍රීඩා සම්බන්ධයෙන් අධයාපනය සිදුවන විශ්ව විද්‍යාලයක දැණුම වර්ධනය කිරීමේ පියවර වැඩි කර ගැනීම මෙන්ම එම උපාධියට අවශ්‍යය රැකියා උත්පාදනය කරන අන්දමට සමාජය වෙනස් කිරීම විහ්ව විද්‍යාලයක් නිර්මාණය කිරීමට වඩා වැදගත් බව පෙන්වා දෙන එම ප්‍රවීනයන්,දැනට ක්‍රීඩාව පළාත් මට්ටමින්,අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් සහ ජාතික මට්ටමින් උගන්වන ආයතනවල ද ඒ සඳහා සුදුස්සන්ගේ හිඟයක් පවතිද්දී විශ්ව විද්‍යාලවල ඉගැන්වීම සඳහා සුදුස්සන් සොයා ගැනීමද ගැටළුකාරී වන බවට අනතුරු හැඟවූහ.

විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පෙර එහි උගන්වන විෂය ඉගෙනගන්නා අයගේ ජීවිතවලට කෙතරම් පලදායීද සහ එය ජීවන වෘත්තියක් කරගත හැකිද යන්න සළකා බැලිය යුතු බවත්,අඩුම තරමේ ඒ දැණුම ලබා දිය හැකි සම්පත් දායකත්වයක් තිබෙනවා ද යන්න සොයා බැලිය යුතු බවත් පෙන්වා දෙන එම ප්‍රවීනයෝ රජයේ දේශපාලනයටත් වඩා මෙහි අනතුරුදායක වැඩ කොටසට වගකිව යුත්තේ නිසි ක්‍රමවේදයකින් තොරව ඒවාට අනුබල දෙන දේශපාලන අතකොළු වන නිලධාරින් බව ද පෙන්වා දෙති.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor