පුටින් සමග චොකලට් බෙදාගත් අයුරු ගැන හිටපු ප්‍රංශ ජනපති කියයි

හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලා සාර්කෝසි විසින් ලියන ලද Le Temps des Tempêtes නම් කෘතියෙහි ඔහු හා රුසියන් ජනාධිපති ව්ලදිමීර් පුටින් අතර සිදුවූ හාස්‍යජනක සිදුවීමක් පිළිබඳ හෙළිදරව් කර තිබෙනවා.


ඔවුන් දෙදෙනා 2007 දී G-8 සමුළුව අවස්ථාවේ කළ සාකච්ඡාව අතරතුර මේසය මත වූ චොකලට් බන්දේසියක අන්තිම චොකලට් කැබැල්ල දෙස දෙදෙනාම එකවර අත දිගු කළ බවත්, එයින් පසු දෙදෙනා ම එකිනෙකා දෙස බලා සිට,සිනහවීමට පටන් ගත් බවත් සාර්කෝසි පවසනවා. දෙදෙනාම එකිනෙකාට පරාජය වීමට අකමැති හෙයින් අන්තිම චොකලට් කැබැල්ල එසේම ඉතිරිව තිබුණ බවත් සාර්කෝසි තවදුරටත් කියා සිටිනවා.

සාර්කෝසි පවසන්නේ මෙම සිදුවීමෙන් පසු දෙදෙනා අතර සහසම්බන්ධය බොහෝ හොඳ තත්ත්වයකට පත් වූ බවයි. පුටින් පසුකාලීනව ද මෙම සිදුවීම මතක් කළේ යයි සාර්කෝසි කියා සිටිනවා.
එසේම පුටින් ඉතා ආචාරශීලී අයකු වූ හෙයින් ඔහු හා ගනුදෙනු කිරීම පහසු වූ බව සාර්කෝසි කියා සිටිනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor