ඇමෙරිකා ෆෝමියුලාවට කොවිඩ් තිරිංග වැටෙයි

ඇමෙරිකා මහද්වීපයන්ට අයත් ඇමෙරිකාව,බ්‍රසීලය,මෙක්සිකෝව සහ කැනඩාව කෙන්ද්‍ර කරගෙන පවක්වන්නට යෙදෙන වාර්ශික ෆෝමියුලා මෝටර් රථ තරඟ නොපැවත්වීමට තීරණය කර ඇත.ඒ පවතින වසංගත තත්ත්වය හමුවේ එම මහද්වීපය තුළ රෝගය පැතිර යාම තවමත් නිසි පාලනයකට යටත්ව නැති තත්ත්වයක් තුළය.

යුරෝපය පිළිබඳව විශ්වාසය තබන ෆෝමියුලා තරඟ සංවිධායකයන් ජර්මණිය,ඉතාලිය සහ පෘතුගාලය කේන්ද්‍ර කර ගනිමින් තරඟ 13 ක් පැවත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එය බොහෝ විට තරඟ 15 – 18 ත් ප්‍රමානයක් දක්වා ඉහළ යාමකට ඉඩ තිබෙන බව ද වාර්තාවේ.මෙවර තරඟ වාරය දෙස්ම්බර් මැද දී මැද පෙරදිග කළාපයේ පැවත්වෙන ෆොමියුලා 1 තරඟවලින් නිමා වීමට නියමිතය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor