POCO F3 GT එළිදැක්වීමට සුදානම් ද???

POCO India නව ස්මාර්ට් ජංගම දුරකතනයක් එළිදැක්වීමට සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

2021 3 වන කාර්තුවේ දී POCO F3 GT ස්මාර්ට් ජංගම දුරකතනය එළිදැක්වීම සදහන් කළද ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සමාගම විසින් සදහන් කළ නොමැත.එමනිසා ඉන්දියාවේ මෙම ජංගම දුරකථනය පිළිබඳ ආන්දෝලනාත්මක පුවත් රාශියක් සමාජ වෙබ් අඩවිවල සංසරණය වෙමින් පවතී.

කෙසේ වුවද එම සමාගමේ විධායක අනුජ් ෂර්මා විසින් ටිවිටර් හි තත්පර 30 ක දිගු වීඩියෝවක් මගින් ඉන්දියාවට POCO F3 GT දුරකථනයේ පැමිණීම තහවුරු කරයි.

මෙම උපකරණය මීඩියා ටෙක් Dimensity 1200 5G 6nm චිප්සෙට් එකක් සමඟ එන බව වීඩියෝවෙන් සනාථ වේ.

මෙම ස්මාර්ට් ජංගම දුරකථනය දැනට වෙළදපොලේ ඇති Redmi K40 දුරකතනයේ සංස්කරණයක් ලෙස කටකතා පැතිර තිබෙන අතර එම දුරකථනය K40 Gaming දුරකථනයටද සමානකම් දක්වයි.

කෙසේ නමුත් POCO F3 GT ඉන්දියාවේ ජංගම ක්‍රීඩකයින් ඉලක්ක කර ගනු ඇති බව අපේක්ෂා කරේ.

Poco F3 GT ජංගම දුරකථනයේ විස්තරය දැනට වාර්තා වී ඇති අයුරින්….

POCO F3 GT යනු POCO සමාගම විසින් ඉදිරියට එන ස්මාර්ට් ජංගම දුරකථනයකි. අඟල් 6.67 ක OLED ස්පර්ශක තිරයක් සහිත මෙම දුරකථනයේ පික්සල් 1080×2400 විභේදනයකින් යුක්ත වන අතර POCO F3 GT Octa-core මීඩියා ටෙක් Dimensity 1200 5G 6nm ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මක වන අතර 6GB /8GB RAM ධාරිතාවයකින් යුක්ත වේ.

එය ‍ඇන්ඩ්රොයිඩ් 11 සහ MIUI 12.5 සමග එළිදක්වන බවට කටකතා පැතිරී ඇති අතර එය 5065mAh බැටරියකින් බල ගැන්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම දුරකතනය 67W වේගවත් ආරෝපණයට හැකියාව පවතින බවද සඳහන් වේ.

කැමරාවන් සම්බන්ධයෙන් ගත් කල, මෙගාපික්සල් 64 ක Wide ප්‍රාථමික කැමරාවක් සහිත ත්‍රිත්ව කැමරා සැකසුමක් f/1.65 ආලෝක විවරයක් සහිතව ඇසුරුම් කරන බවට කටකතා පැතිර තිබේ. මෙගාපික්සල් 8 ක Ultra wide කැමරාවක් සහ මෙගාපික්සල් 2 ක Macro කැමරාවක් පසුපස කැමරා සැකසුමක් සවිකිරීමට අවධානයක් ඇත. තවද මෙගාපික්සල් 16 ක සෙල්ෆි කැමරාවක්ද ඇති බව කටකතා පැතිර තිබේ.

එමෙන්ම UFS 3.1 වේගයකින් යුත් 128GB / 256GB ආදාන ගබඩාවක් මෙන්ම POCO F3 GT දුරකථනය 5G ද්විත්ව නැනෝ සිම් ස්මාර්ට් ජංගම දුරකතනයක් වන අතර එය සුප්‍රකට JBL ආයතනයෙන් සුසර කරන ලද Dual Speakers පහසුකමද ලබාදෙන බව රාවයක් පවතී.

එය කළු, ස්ලිවර් සහ සුදු වර්ණයන්ගෙන් දියත් කරන බව පැවසේ.

මෙම දුරකතනය වෙළෙඳ පොළේ ඩොලර් 350 ක ට එනම් ඉන්දියානු රුපියල් 25000කට අලෙවි කිරීමට හැකියාවක් ඇති බව මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

Recommended For You

About the Author: Jayani