ආරෝපණ තාක්‍ෂණයට නව මාවතක් හදන Xiaomi…

රැහැන් රහිත සහ සහිත නව ආරෝපණ තාක්‍ෂණය දියුණු කිරීම සම්බන්ධයෙන් Xiaomi ඉහළින්ම සිටින බව සදහන් කල හැකිය.

පසුගිය දිනවල ලැබි ඇති නවතම ආරංචි මාර්ග වලට අනුව Xiaomi සමාගම විසින් රැහැන් රහිත Air charging තාක්ෂණය පළමු වරට හදුන්වා දී තිබේ. මෙම උපාංගය ඇති ඕනෑම ස්ථානයක් තුළ දී 5W ක ආරෝපණ පරාසයක් නිපදවන අතර එම තාක්ෂණයට ගැලපෙන ඕනැම ජංගම දුරකතනයක් එම පරාසයේ සිටින තාක් එම ජංගම දුරකතනය නොකඩවා ආරෝපණය වීම මෙමගින් සිදු වනු ඇත.

නවතම ආරෝපණ හදුන්වා දීම් වලට අනුව නැවත වරක් වේගවත්ම 200W රැහැන් සහිත සහ 120W රැහැන් රහිත ආරෝපණ හඳුන්වා දීමක් Xiaomi සමාගම විසින් අද දින සිදු කරයි. එය ස්මාර්ට්ෆෝන් ආරෝපණ අවකාශයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙය Xiaomi හි නව Hyper Charge තාක්‍ෂණය ලෙස හැඳින්වෙන අතර එමගින් මිනිත්තු අටක් ඇතුළත ස්මාර්ට්ෆෝන් සම්පූර්ණයෙන්ම ආරෝපණය වේ.

Xiaomi කියා සිටින්නේ සිය රැහැන් සහිත 200W Hyper Charge තාක්‍ෂණයට අනුව මිනිත්තු 8 කින් 4,000mAh බැටරියක් 100% දක්වා ඉහළ නැංවිය හැකි බවත් සහ රැහැන් රහිත 120W Hyper Charge ක්‍රමය මගින් බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමට මිනිත්තු 15 ක් ගතවන බවයි.Mi 11 Pro Custom Build එකක් සඳහා Hyper Charge ක්‍රියා කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් ද Xiaomi විසින් පළ කරන අතර මෙම පුවත සමාජ මාධ්‍ය තුළ Tech පුවත් යටතේ කතා බහට ලක් වන මාතෘකාවක් බවට පත් ව තිබීම විශේෂත්වයකි.

මිනිත්තු තුනකින් දුරකථනය 50% ක ධාරිතාවයක් කරා ළඟා වන අතර මිනිත්තු කිහිපයක් තුළදී 100% දක්වා ඉහළ යයි.120W වේගයෙන් Mi 11 Pro රැහැන් රහිතව ආරෝපණය වන අතර විනාඩියකින් 10% ක ආරෝපණයක් සහ විනාඩි හතක් තුළදී 50% ක ආරෝපණයක් ලබා ගනියි.

Xiaomi සමාගම සිය නව 200W රැහැන් සහ 120W රැහැන් රහිත Hyper Charge තාක්‍ෂණය සැබෑ දුරකථන වල ක්‍රියාත්මක කරන්නේ කවදාද යන්න ගැන නිශ්චිතව සදහන් කළ නොමැත.නමුත් සිය ස්මාර්ට් ෆෝන් වෙත ගෙන ඒමට පෙර සලකා බැලිය යුතු සාධක රාශියක් ඇත. වේගවත් ආරෝපණ තාක්ෂණයන් බැටරියෙහි ‍සෞඛ්යයට හිතකර නොවන අතර එවිට ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයාට එහි ආරක්ෂාව, තාප කළමනාකරණය යනාදි සාධක පිළිබඳ පරිශීලකයාට සහතික කිරීමේ ගැටළුවටද Xiaomi ආයතනයට මුහුණ දීමට සිදුවනු ඇත.

වාණිජමය වශයෙන් ලබා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකතනයකින් Xiaomi ලබා දෙන උපරිම ආරෝපණ වේගය 67W වේ. සමාගම විසින් මෙම ආරෝපණය Mi 11 Ultra, Mi 11 Pro සහ තවත් Redmi K40 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් කිහිපයකින් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙම Hyper Charge තාක්ෂණය දැනට චීනයට සහ ගෝලීය වෙළඳපොළවලට සීමා වී ඇත. තවද Mi 11 Ultra 55W වේගවත් ආරෝපණ තාක්ෂණය පසුගිය මාසයේදී ඉන්දියාවේදී හඳුන්වා දෙන දී තිබෙන බව සදහන් වේ.

Recommended For You

About the Author: Jayani