කිලිනොච්චියෙන් බෝම්බ තොගයක් හමුවෙයි

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යුද උපකරණ තොගයක් හමුවූ බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

අදාල යුද උපකරණ තොගය පිළිබඳ ප්‍රදේශවාසියෙකු විසින් ධර්මපුරම් පොලීසියට කරන ලද දැනුම් දීමකදී පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව පුලියන්පොක්කනේයි කැලෑබද ප්‍රදේශයකදී දමා තිබූ අදාල යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී ග්‍රෙනඩ් ලෝන්චර් නැමති බෝම්බ 11 ක් තිබී ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් සඟවා පලායන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පල කර සිටින අතරම සොයාගත් ග්‍රෙනඩ්  ලෝන්චර් තොගය කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

Recommended For You

About the Author: Editor