කොරෝනා නිසා සීඩී ඒවස්ට අසාධ්‍යයයි

පාතුගාල ජාතික පාපන්දු කිරුළ දිනා ගත් ක්‍රීඩා සාමජයක් වන සීඩී ඒවස් ක්‍රීඩා සමාජයට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සිය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට ගෙවීම් කළ නොහැකි තරමේ පිරිහුණු ආර්ථිකයක් උරුම වී තිබේ.මේ තත්ත්වය නිසා ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජය හැර යාමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

උතුරු පෘතුගාලයේ පිහිටා ඇති මේ ක්‍රීඩා සමාජය පමණක් නොව යුරෝපීය පාපන්දු කේෂ්ත්‍රයම මේ වසංගත තත්ත්වයට ගොදුරු වෙමින් පවතින බව පෙන්වා දෙන ක්‍රීඩා විචාරකයෝ තවත් ක්‍රීඩා සමාජ මේ වසරේ අවසාන කාර්තුවේ තරඟ සඳහා ක්‍රීඩා නොකරන බවට තොරතුරු ලැබී ඇති බව ද අනාවරනය කරයි.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor