
POCO මාදිලිය 2018 වර්ෂයේදී Xiaomi උප වෙළඳ නාමයක් ලෙස ආරම්භ වීමේදී POCO F1 (POCOPHONE F1) නමැති Flagship දුරකථනයක් ඉතාමත් අඩු මුදලකට එළි දැක්වීමත් සමගම එය සමාගමට විශාල බලපෑමක් ඇති කොට තිබේ.දැන්, POCO F1 යනු මිලියන ගණනකගේ හදවත් දිනාගත් දුරකථනයකි.2020 දී POCO සිය දෙවන ස්මාර්ට් ජංගම දුරකථනය හෙළි කළ අතර POCO දැන් Xiaomi Corp යටතේ ස්වාධීන වෙළඳ නාමයක් බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මෙහිදී POCO උපාංග ස්වාධීන වෙළඳ නාමයක් බවට පත්වීමෙන් පසුව ද Xiaomi තවදුරටත් MIUI භාවිතා කරයි. POCO F1 සමඟ MIUI දියත් කිරීමක් සිදුවූ අතර මෙම දියත් කිරීම POCO F1 ට පමණක් සීමා විය. එම MIUI නව මුහුණුවර Mi සහ Redmi ස්මාර්ට්ෆෝන් වල දක්නට නොතිබුණි. ඉන්පසුව නව මුහණුවර සමඟ එළිදැක්වූ POCO, MI සහ Redmi සියලුම නව ස්මාර්ට්ෆෝන්වල භාවිතා කළ MIUI මුහුණුවර POCO F1 මුහුණුවර හා සමාන විය.
ඉන්පසු වෙළඳ නාම දෙකෙහිම භාවිතා වන MIUI මුහුණුවර අතර ඇති වෙනස වනුයේ අයිකන සහ ගෘහස්ථ තිර අතුරුමුහුණත් වලින් සමන්විත විම මෙන්ම POCO දුරකථන තුළ MIUI Version (For POCO) යන ආකාරයෙන් දක්නට ලැබීම පමණි.
Android Central සහ POCO නිලධාරීන් සමඟ මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළේ සන්නාමය සිය UI මුහුණුවරෙහි නවතම අනුවාදයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එහිදී සමාගම මත පදනම් වූ දැනට පවතින MIUI විශේෂ වෙනස් කමක් සිදු කරන බව සදහන් කල අතර POCO හි එම නව UI මුහුණුවර POCO UI ලෙස හඳුන්වා තිබේ. කෙටියෙන් කිවහොත්, POCO UI යනු MIUI හි ක්ලෝනයක් වනු ඇත. එය BLACK SHARK ස්මාර්ට්ෆෝන් සඳහාම තනන ලද JOYUI මෙන් සමාන වේ.
Oppo සමාගමෙහි ColorOS ආදී නවීකරණය කරන ලද අනුවාදයක් වන Realme UI මුහුණුවර ද එයට කදිම නිදසුනකි.
POCO සමාගම පවසන්නේ සිය ගෝලීය වෙළඳපල කොටසක් ලබාගැනීමට සිය උපාංග සඳහා වෙනම UI මුහුණුවරක් සංවර්ධනය කිරීම උපයෝගී එන බවයි. තවද, මෙම සංවර්ධනය මුල සිටම නව අතුරු මුහුණතක් සෑදීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
ආරංච් මර්ගවලට අනුව සදහන් වන්නේ POCO UI සමඟ දියත් කරන පළමු ස්මාර්ට් ජංගම දුරකථනය Poco M3 Pro දුරකතනය බවයි. POCO UI යාවත්කාලීන කිරීම සඳහා සුදුසුකම් ඇති සියලුම උපාංග පහත ලැයිස්තු ගත කර ඇත: –
POCO X2
POCO M2
POCO M3
POCO F3
POCO C3
POCO X3
POCO X3 Pro
POCO M2 Pro
POCO F2 Pro
POCO X3 NFC
ඉහත සඳහන් උපාංග නවතම MIUI 12.5 (For POCO) මුහුණුවර යාවත්කාලීනයන් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර POCO UI නව මුහුණුවරහි යාවත්කාලීනයන්ද ලබා ගත හැකි බව කරුණාවෙන් සලකන්න.

නවතම තොරතුරු වලට අනුව, 2021 අග භාගයේදී POCO සමාගම විසින් සිය මුහුණුවරෙහි විශාල සංස්කරණයක් POCO UI ලෙස නිකුත් කළ හැකිය. එවිට ඉන්දියාවේ POCO UI මුහුණුවර මුදා හැරීමේ දිනය ද එයම වේ යයි සදහන් වේ. POCO සමාගම හට Xiaomi වෙතින් වෙන්වීම මෙගින් විශාල පියවරක් තැබීමට වනු ඇත.