නවතම Android 12 පිළිබද ඔබ නොදත් දේ…

පසුගිය අඟහරුවාදා පැවති ගූගල් I/ O සමුළුවේදී ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින්ට ඇන්ඩ්‍රොයිඩ් 12 හි නැවුම් මුහුණුවර පිළිබඳ සදහන් කර තිබේ.ඒ අනුව Public Beta ලෙස ලබා ගත හැකි ඇන්ඩ්‍රොයිඩ් 12, මෙහෙයුම් පද්ධතියේ වසර ගණනාවකට පසු විශාල වෙනස්කම් රැසක් සිදුකර තිබෙන බව මෙහි දී දැක ගත හැකිය.එය පරිශීලකයාට රිසිසේ වෙනස්කම් කළ හැකි ආකාරයට වර්ණ ගැන්වීම් සහ වේගවත් බැටරි ඉතිරිකිරීමේ වැනි නවතම මුහුණුවරයන් රැසක් සමඟ එළිදැක්වීම සිදු කර තිබේ.Public Beta විශේෂාංග මත පදනම්ව සහ එය සෑම කෙනෙකුටම ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන අතර ඇන්ඩ්‍රොයිඩ් 12 පිළිබඳ සියලු තොරතුරු මෙසේ සදහන් කළ හැකි ය.

ඇන්ඩ්‍රොයිඩ් 12 මුදා හැරීමේ දිනය සහ ඉන් අපේක්ෂා කළ යුතු දේ...

ගූගල් විසින් මේ සතියේ ඇන්ඩ්‍රොයිඩ් 12 ප්‍රදර්ශනය කළද, මෙහෙයුම් පද්ධතිය සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ කවදාදැයි නිවේදනය කර නැත.

ඇන්ඩ්‍රොයිඩ් 10 2019 සැප්තැම්බර් 3 වන දින දියත් කර ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් 11 2020 සැප්තැම්බර් 8 වන දි නිකුත්වී තිබේ. එය නිකුත් කළපසු සෑම විටම මෙන් ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් සඳහා නොමිලේ බාගත කිරීමට හැකි වනු ඇත.

දැන් ඇන්ඩ්‍රොයිඩ් 12 Public Beta අනුවාදය බාගත කළ හැකිද?

ගූගල් ඇන්ඩ්‍රොයිඩ් 12 Public Beta අනුවාදය දැන් ගූගල් Pixel දුරකථන ඇතුළු ඇතැම් උපාංග සඳහා බාගත කර ගත හැකිය.ඊට පෙර, එය Developer Beta අනුවාදයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධකයින්ට ලබා ගත හැකි වන බව සදහන් වේ.

කෙසේ වෙතත්, Beta අනුවාදයන් අවසාන නොවන අතර එය සාමාන්‍යයෙන් දෝෂ සහිත අනුවාදයන් බව සදහන් කළ යුතුයි.බොහෝ අය සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය බාගත කිරීම සඳහා Stable අනුවාදය නිකුත් කිරීමට ආසන්න වන තෙක් බලා සිටී.
කෙසේ වෙතත්, ඔබට එය කල් තියා අත්හදා බැලීමට අවශ්‍ය නම්, ඔබට Beta අනුවාදය ස්ථාපනය කළ හැකි ය. එය කළ යුත්තේ ඔබේ ප්‍රධාන ජංගම දුරකතනයේ නොව, ඔබේ පරීක්ෂක උපාංගයක පමණි.

ඇන්ඩ්‍රොයිඩ් 12 හි ඇතුළත් වන නව විශේෂාංග මොනවාද?

ඇන්ඩ්‍රොයිඩ් 12 යනු නව විශේෂාංග ගණනාවක් සහිත මෙහෙයුම් පද්ධතියට යාවත්කාලීන කිරීමකි.

  • Home පැනලයේ දෘශ්‍ය වෙනස් කිරීම සහ වර්ණ ගැන්වීමේ හැකියාව.
  • නව ඇන්ඩ්‍රොයිඩ් 12 Quick Tiles
  • පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම
  • Notification පැනලය වැඩිදියුණු කිරීම්
  • Wi-Fi බෙදාගැනීමේ පහසුව
  • එක් අතකින් හැසිරවීමේ පහසුව
  • දුරකතනයෙන් නිකුත් වන ශබ්ද වලට Haptic Feedback Vibration පහසුකම එක් කිරීම
  • ගූගල් ප්ලේ හරහා ඇන්ඩ්‍රොයිඩ් 12 යාවත්කාලීන කිරීම
  • නව විජට් සහ විජට් සංවිධානය
  • App hibernation පහසුකම

එමෙන්ම තවත් අංග ගණනාවක් මෙම ඇන්ඩ්‍රොයිඩ් 12 හි අන්තර්ගත වී ඇත.

ඇන්ඩ්‍රොයිඩ් 12 කේත නාමය

මෙවර ඇන්ඩ්‍රොයිඩ් 12 හි “Sweet treat” නාමය කුමක් විය හැකිදැයි ඔබ කල්පනා කරන්නේ නම්, ඒ පිළිබඳ මෙසේ සදහන් කළ හැකි ය.

ඇන්ඩ්‍රොයිඩ් 11 සඳහා වන අභ්‍යන්තර කේත නාමය වන “Red velvet cake” ලෙසද සහ ඇන්ඩ්‍රොයිඩ් 10 සඳහා වන අභ්‍යන්තර කේත නාමය “Quince tart” ලෙස ද හඳුන්වා තිබේ.

ඒ අනුව මේ වසරේ android 12 සදහා වන කේත නාමය “ Snow Cone” වනු ඇති බව අපේක්ෂා කල හැකි ය.

*ඇන්ඩ්‍රොයිඩ් 12 සමඟ අනුකූල වන උපාංග මොනවාද?

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන විශාල සංඛ්‍යාවක් ඇති බැවින්, ඇන්ඩ්‍රොයිඩ් 12 වෙත යාවත්කාලීන කිරීමට සහාය වන සියලුම ඒවා ලැයිස්තුගත කිරීම අපහසුය.සාමාන්‍යයෙන් ඔබට Google Pixel 3 සහ ඉන් පසුව නිකුත් කරනු ලැබූ සියලුම Google Pixel දුරකථන සහ අනෙකුත් උපාංග සදහා ඇන්ඩ්‍රොයිඩ් 12 සමඟ අනුකූල වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.එහිදී දුරකථන නිෂ්පාදකයින් අතර Asus, Google Pixel, OnePlus, Oppo, Realme, Sharp, Tecno, TCL, Vivo, Xiaomi සහ ZTE ඇන්ඩ්‍රොයිඩ් 12 Beta සමඟ අනුකූල වනු ඇතැයි අපේක්ෂා කරන උපාංග ලැයිස්තුවක් මේ වන විට නිකුත් කර ඇත.

Google Pixel:

  • Google Pixel 3
  • Google Pixel 3a
  • Google Pixel 3 XL
  • Google Pixel 4
  • Google Pixel 4 XL
  • Google Pixel 4a
  • Google Pixel 5

OnePlus:

  • OnePlus 9
  • OnePlus 9 Pro

Xiaomi:

  • Xiaomi Mi 11
  • Xiaomi Mi 11 Ultra
  • Xiaomi Mi 11i
  • Xiaomi Mi 11X Pro

Asus:

  • Asus ZenFone 8

TCL:

  • TCL 20 Pro 5G

Tecno:

  • Tecno Camon 17

Oppo:

  • Oppo Find X3 Pro

Realme:

  • Realme GT (China Only)

Vivo:

  • Vivo iQOO 7 Legend

ZTE:

  • ZTE Axon 30 5G Ultra

ඇන්ඩ්‍රොයිඩ් 12 Stable නිකුතුව ලබා ගත් පසු එය බාගත කරන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් ප්‍රධාන ඇන්ඩ්‍රොයිඩ් යාවත්කාල කිරීම් වලදී මෙන්, Samsung, OnePlus හෝ Xiaomi වැනි උපාංග නිෂ්පාදන සමාගම මතය අනුව ඕනැම ඇන්ඩ්‍රොයිඩ් දුරථනයක් යාවත්කාලීන කිරීමේදී දුරකතනයේ
Settings > Advanced > System update > Check for Updates ඔස්සේ එයට නිකුත් කෙරූ ඇන්ඩ්‍රොයිඩ් යතවත්කලිනය බාගත කරගත හැකිය

Recommended For You

About the Author: Jayani