මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මාකඳුරේ මධුෂ්ගේ” සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු තරංග කුමාර නොහොත් “කොට තරංග” නැමැති වයස අවුරුදු 31ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මාකඳුරේ මධූෂ් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙයි.

Recommended For You

About the Author: Editor