විදෙස්ගත ලාංකිකයින්ට සුබ ආරංචියක්

ඉදිරි සතිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ආසාදිතයින් රෝහල්වලින් පැන යාම පිළිබඳව මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ මේ වන විට පොලීසියෙන් අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු කොවිඩ් ආසාදිතයින් රඳවා ඇත්තේ කන්දකාඩු රෝහලේ බවත් එම ස්ථානවල ද හමුදා ආරක්ෂාව ඇති බැවින් ඔවුන්ට පැන යාමට ඉඩක් නැති බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor