බොක්සිං පරිපාලනය වෙනස් නොවේ,නිල තීරණය අගොස්තු 20

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනයේ ඉදිරි වසර සඳහා නිලධාරීන් ලෙස දැනට ක්‍රියාත්මක නිල මඩුල්ලම පත් කර ගන්නට නියමිත අතර,එය අගොස්තු 20 වන දා පවත්වන වාර්ශික මහා සභාවේදී ප්‍රකාශයට පත් කෙරුනු ඇත.

එහි සභාපතිවරයා ලෙස ඩයන් ගෝමස් තෙවන වරටත් පත්විමට නියමිත අතර සෙසු නිලධාරීන්ද ඉදිරි වසර සඳහා ද එම තනතුරුවල කටයුතු කරනු ඇත.

ආසියානු බොක්සිං සම්මේලනය මේ වසරේ ක්‍රීඩා තරඟ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එන මස රැස්වෙන අතර ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය තීරණය කර ඇත්තේ මේ වසරේ කිසිඳු තරඟාවලියක් නොපැවත්වීමටයි.ඒ අනුව පාසල් ක්‍රීඩකයන් සහභාගිවන තරඟ ද  නොපැවත්වෙන අතර එළැඹෙන 2021 වසරේ ජාතික තේරීම් තරගාවලියක් ලෙස ජාතික බොක්සිං සූරතාවලිය සංවිධානය කිරීම ශ්‍රී ලංකා ආධුනික බොක්සි සම්මේලනයේ අරමුණයි.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor