Covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශනයට නීතිපති නිර්දේශය ක්‍රියාත්මක කරන්න – PHIලා රජයෙන් ඉල්ලයි

මැතිවරණ සමයේ කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයට අදාළව නීතිපතිවරයා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, අදාළ බලතල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතට පවරන ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී ඇති බවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනයට අනුව තමන්ට හිමි බලතල ලබා දෙන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

Recommended For You

About the Author: Editor