කොවිඩ් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා FICCI විසින් “Corona Ko Harana Hai”

බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FICCI) නවතම වැඩසටහන වන ‘Corona Ko Harana Hai’ සමඟ එක් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නළුවා සමාජ මාධ්‍යවල දැනුවත් කිරීමේ වීඩියෝවක් බෙදා ගත් අතර එහිදී ඔහු කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ක්‍රම පහක් මෙසේ ලැයිස්තුගත කරයි .

වීඩියෝවේ කුමාර් සමඟ ‘සයියාම්’ සහ ‘සව්දානි’ යන දරුවන් දෙදෙනෙකු ද පෙනී සිටින අතර ඔවුන් දෙදෙනා කළ යුතු දේ මෙසේ විස්තර කරයි.

කොවිඩ් -19 වෙතින් ආරක්ෂා වීමට හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා FICCI විසින් ‘Corona Ko Harana Hai’ වැඩසටහන දියත් කර තිබේ.

මෙම වැඩසටහන විවිධ භාෂාවලින් දියත් කරනු ලැබේ.

එය මෙහෙයවනු ලබන්නේ හින්දි බසින් අක්ෂේ කුමාර්, මරාති සහ පන්ජාබි, දෙමළ බසින් ආර්ය, තෙළිඟු භාෂාවෙන් චිරන්ජිවි සහ කන්නඩ භාෂාවේ පුනිත් රාජ්කුමාර් විසිනි.

කුමාර් සහ ඔහුගේ කර්තෘ බිරිඳ ට්වින්කල් ඛන්නා සමඟ කොවිඩ් -19 සහන කටයුතු රැසක් සදහා දායක වී ඇත. එහි දී ඔවුන් ආයතනයකට ඔක්සිජන් සාන්ද්‍රක සියයක් පරිත්‍යාග කර ඇති බව සදහන් වේ.

Recommended For You

About the Author: Jayani