
කිසිඳු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු සිය රටින් වාර්තා නොවන බවට උදම්අනමින් සිටි උතුරු කොරියාවට මේවනවිට කොරෝනා බිය ඇතිවී තිබෙනවා. ඒ, කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයෙකු දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට ඇතුළුවී ඇතැයි අනාවරණයවීමත් සමගයි.
අදාළ සැකකටයුතු කොරෝනා ආසාදිතයා දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුළුවී ඇති බවයි උතුරු කොරියාව පවසන්නේ.
ඒ අනුව අදාළ පුද්ගලයාට කොරොනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුවහොත් උතුරු කොරියාවෙන් වාර්තා වන පළමු කොරෝනා ආසාදිතයා ඔහු වන අතර උතුරු කොරියාව කොරෝනා ලැයිස්තුවට ද ඇතුළත් වෙනු ඇති.
කෙසේවෙතත් මෙම සිද්ධියත් සමග උතුරු කොරියානු නායක කිම් ජොන් අන් භීතියට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින තත්ත්වය හමුවේ හදිසි සාකච්ඡාවක් කැඳවූ උතුරු කොරියානු නායකයා එරට දේශසීමා නගරයක් වන කේසොං නගරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර එය වසා දැමීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළා.