
එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු සිය මනාප අංක පෑන්වල සටහන් කර ඡන්ද දායකයින් වෙත බෙදාදීමේ සිද්ධීන් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෑනක් රැගෙන එන ලෙස ඡන්ද දායකයින්ට දැනුම් දී තිබියදී අපේක්ෂකයින් මෙවැනි දෑ සිදු කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
යම්කිසි හේතුවකින් යම් ඡන්ද දායකයෙකු මනාප අංකය සහිත මෙවැනි පෑනක් ඡන්ද පොළ වෙත රැගෙන යෑමේ අවධානමක් තිබෙන බවත් සඳහන් කළා. මේ පිළිබඳ මැතිවරණ කොමිසම ද දැනුවත් කොට ඇත.