
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින සිනමා ශාලා වලට නව පහරක් එල්ල කරමින් වෝල්ට් ඩිස්නි සිය ප්‍රධාන පෙළේ චිත්‍රපට තුනක් එළිදැක්වීම කල් දමා තිබේ.
නව ඇවටාර් සහ ස්ටාර් වෝර්ස් චිත්‍රපට එළිදැක්වීම වසරකින් කල් දමා ඇති අතර මුලාන් චිත්‍රපටය දින නියමයකින් තොරව කල් දමා තිබේ.
සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් ඒ වන විටත් එළිදැක්වීම ප්‍රමාද කර තිබූ මුලාන් චිත්‍රපටය අගෝස්තු මස අවසානයේදී තිරගත වීමට නියමිතව තිබුණි.
ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් 19 රෝගීන්ගේ වැඩිවීම සහ ලොව පුරා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට ගෝලීය වශයෙන් ඇති වූ බලපෑම මෙලෙස චිත්‍රපට එළිදැක්වීම ප්‍රමාද කිරීමට හේතු වී තිබේ.
එක්සත් ජනපදයේ විශාලතම සිනමා වෙළඳපොලවල් දෙකක් වන නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගර වල සිනමා ශාලා නැවත විවෘත කිරීම සඳහා තවමත් ස්ථිර සැලැස්මක් නොමැති බව වාර්තා වේ.
සමාජ දුරස්ථකරන මාර්ගෝපදේශ අනුගමනය කරනවාය යන කොන්දේසිය මත එංගලන්තයේ සිනමාහල් ජූලි 4 සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇත.
සමාජ දුරස්ථකරන පියවර හේතුවෙන් මාස හයක් වසා දමා තිබූ ලෝකයේ දෙවන විශාලතම සිනමා වෙළඳපොල වන චීනයේ සිනමා ශාලා මේ සතියේ නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.
මූලාශ්‍රය – BBC