ඉන්දියාවේ අයිෆෝන් 11 නිපදවීම අරඹයි

ඇපල් සමාගම ඉන්දියාවේ අයිෆෝන් 11 නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් මහතා මේ බව සිකුරාදා (24) ට්විටර් පණිවිඩයක් හරහා සනාථ කොට තිබේ.

ඇපල් සමාගම විසින් ඉන්දියාව තුළ අයිෆෝන් XR එකලස් කිරීම ආරම්භ කර මාස නවයකට පසුව මෙම නව නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

අයිෆෝන් 11 ඉන්දියාව තුල එකලස් කිරීම හරහා ඇපල් සමාගමට සිය ගෝලීය නිෂ්පාදන ආයතන වලින් ජංගම දුරකථනය ආනයනය කිරීම සඳහා ගෙවිය යුතු 20% ක බද්දක් මග හැරීමට උපකාරී වනු ඇත.

ඇපල් සමාගම සිය අයිෆෝන් මාදිලි සඳහා සැපයුම්කරුවන් ලෙස ෆොක්ස්කොන්, විස්ට්‍රොන් සහ පෙගට්‍රොන් භාවිතා කරයි.

ඉන්දියාව සියළුම ස්මාර්ට් දුරකතන වෙළෙන්දන්ගේ වැදගත් වෙළඳපොලක් බවට පත්ව ඇති අතර, මේ වන විටත් එරට ස්මාර්ට් දුරකතන භාවිතා කරන්නන් කෝටි 50 කට අධික සංඛ්‍යාවක් සිටී.

මුලාශ්‍රය – NDTV

Recommended For You

About the Author: Editor