පොළොන්නරුවෙන් එක මමයි – හිටපු ජනාධිපති මෛත්‍රී

අගෝස්තු මාසයේ 5 වෙනිදා  ජන්ද ප්‍රතිඵලය දැන්ම කියන බව පැවැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන්ද 150,000කට එහා ලබාගෙන වැඩිම  මනාපයෙන් තමන්  ජයග්‍රහණය කරන බව අද(26)  පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
 
ඒ අනුව අගෝස්තු 5 වෙනිදායින් පසුව  පොළොන්නරුවේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගන්නා බවද කී ඒ මහතා අදින් වසර 25කට පමණ පෙර තමන් පොළොන්නරුවේ සංවර්ධනය ආරම්භ කළ අවදිය වනවිට අද තමන්ට බණින විවේචනය කරන අය පොඩි ළමයි යැයිද කීවේය.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව නගරයේ පැවැති මහ මැතිවරණයේ  ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

Recommended For You

About the Author: Editor