බූස්සේ රැදවියන් බැලීමට එන නීතීඥයන් ගැන පරීක්ෂණයක්

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බැලීමට පැමිණෙන නීතිඥයන් සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව වාර්තා වේ.

ඔවුන් තම වෘත්තීය සබඳතාවයට එහා ගොස් එම අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වන බවට හෙළිදරව් වෙමින් ඇතැයි ද වාර්තා වෙයි.

එකී සිරකරුවක් රදවා ඇත්තේ කිසිදු ආකාරයක බාහිර සමාජය සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යා නොහැකි ආකාරයට වුවද නීතිඥ කණ්ඩායමක් නිතර නිතර ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම බුද්ධි අංශය විසින් සැක මතු කරමින් ඇත.

මෙම සිරකරුවන්ගේ සියලු සමාජ සම්බන්ධතා සීමා වී ඇතත් ඔවුන් තම සබඳතා ජාලය අඛණ්ඩව ගොඩනගා ගෙන යාම සැලකිල්ලට ගනිමින් ඒ ගැන පරීක්ෂණ කිරීමේ දී මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.

මෙම සැක සහිත සමහර නීතිඥයන් බාහිර සමාජයේදී ඔවුන් සමග සමීප සබඳතා පවත්වා ඇති බව ද හෙළි වී ඇත

Recommended For You

About the Author: Editor