
තම ජනාධිපතිවරණ තරගය පිළිබඳ විවිධ දේ පවසන ඇමරිකන් රැප් ගායක කන්යේ වෙස්ට්, තමුන්ට write-in ඡන්දවලින් වුවද ජෝ බයිඩන් පරාජය කළ හැකියයි පවසනවා.
ඇමරිකාවේ මැතිවරණවල write-in ඡන්ද යනු ඡන්ද පත්‍රිකාවේ නම නැති අයකුට යම් ඡන්ද දායකයකු කැමැත්ත දක්වන්නේ නම් ඒ පුද්ගලයාගේ නම ඡන්ද පත්‍රිකාවේ ලියා කැමැත්ත පළ කිරීමයි. ඇතැම් ප්‍රාන්ත මෙම ඡන්ද ගණනය කිරීම සිදු කරනවා.
කන්යේ වෙස්ට් ජනාධිපතිවරණය සඳහා අන්තිම මොහොතේ ඉදිරිපත්ව ඇත්තේ ඇයිද යන්න අපැහැදිලි කරුණක්. මුලින් විචාරකයන් සැක කළේ බයිඩන් වෙතින් ඡන්ද යම් ප්‍රමාණයක් කඩාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසියක් සිදුකරන අදහස ඇතිව ඔහු මෙසේ ඉදිරිපත් වන බවයි.
එහෙත් ඔහු මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් කළ කතාව සහ ඉන්පසු ඔහුගේ බිරිඳ කිම් කර්ඩශියාන් හා නැන්දණිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ අදහස් සමග ඔහුගේ සමස්ථ ක්‍රියාවම ප්‍රශ්නකාරී බවක් පෙනී යන්නට වුණා.
ජාතික මට්ටමේ මත විමසුම්වලදී ඔහුට සියයට 2 ක පමණ ප්‍රසාදයක් හිමිව තිබෙනවා. මෙය ඇතැම් තීරණාත්මක ප්‍රාන්තවලදී බයිඩන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට ප්‍රමාණවත් වනු ඇතැයි අනුමානයක් මතු වනවා. බයිඩන්ව පරාජය කළ හැකි යයි කන්යේ කරන ප්‍රකාශයේ යටි අර්ථය එය වීමට ඉඩක් තිබෙනවා.
