නැන්ට්ස් ආසන දෙව් මැදුරට ගිනිතැබූ බව සේවකයා පිළිගනී

ප්‍රංශයේ නැන්ට්ස් නගරයේ සාන්ත පීටර් සහ සාන්ත පෝල් ආසන දෙව් මැදුරට ගිනිතැබූ බව 39 හැවිරිදි පුද්ගලයකු පිළිගෙන තිබෙනවා.
ඔහු මීට පෙර ඒ සම්බන්ධයෙන් ඔහුව සැකපිට රඳවා ගන්නා ලද නමුත් පසුව ඔහුව නිදහස් කෙරුණා. පොලිසිය පැවසූයේ ගින්න හදිසි අනතුරක් වියහැකි බවයි.කෙසේ වෙතත් රස පරීක්ෂණ වාර්තා සහ පරීක්ෂණ අනුව පොලිසියට පෙනීගොස් ඇත්තේ මේ ගින්න යම්කිසි අයකු විසින් ඇති කරන්නට ඇති බවයි.
අදාල පුද්ගලයා ස්ථාන තුනක ගිනි අවුළුවා ඇතැයි පැවසෙනවා. ඔහු සිය ක්‍රියාව පිළිබඳ දැඩි සේ පසුතැවෙන බව ඔහුගේ නීතීඥයා කියා සිටියා.
මෙම සිද්ධිය පිළිබඳ අදාල තැනැත්තා වසර දහයක උපරිම සිර දඬුවමකට හා ඩොලර් 175,000 ක දඩයකට යටත් විය හැකියි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor