අනාරක්ෂිතව ජාතික ක්‍රීඩා උළෙල නොපවත්වා පළාත් මට්ටමෙන් ක්‍රීඩාව දියුණුවට ප්‍රතිපාදන දෙන්න – වයඹ පළාතෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් අභියෝගයට ලක් විය හැකි අවස්ථා ගණනාවක් සහිතව රටේ පවතින අයහපත් සමාජ වාතාවරණය නොසළකා ජාතික ක්‍රීඩා උළෙල පැවත්වීමෙන් වළකින ලෙසත්,මේ සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර එම මුදල් පළාත් මට්ටමින් ක්‍රීඩාවේ භෞතික සංවර්ධනය සඳහා යෙදවීමට පළාත් සභාවන් වෙත මුදා හරින ලෙසත් වයඹ පළාත් ක්‍රීඩා නිලධාරී සේවයේ වෘත්තීය සංගමය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය,අධ්‍යක්ෂ අයි.පී .විජේරත්න සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සහභාගි වූ රැස්වීමකදි ජාතික ක්‍රීඩා උළෙල පැවත්වීමට තීරණය වී තිබේ. ඒ සඳහා දැනට ක්‍රීඩා පුහුණුවන පිරිස් සඳහා පහසුකම් සැපයීමට තබා අඩුම තරමේ උපදෙස් පත්‍රිකාව සිංහලෙන් ලබා දීමටවත් කටයුතු කරන්නට අපොහොසත් වී තිබියදී, මිනිස් ජීවිත අවදානමට ලක් කරමින් පවත්වන්නට යන මේ ක්‍රීඩා උළෙල පිළිබඳව වයඹ ක්‍රීඩා නිලධාරීහූ මෙම ලිපිය හරහා සිය අප්‍රසාදය පළ කරති.
මීටරයක දුරක් තබා සෙන්ටි මීටරයක දුරක්වත් තබා ගැනීමට නොහැකි ක්‍රීඩා ද ක්‍රියාත්මක වන බවත්,ක්‍රීඩා උපකරන ආදිය භාවිතයේදී ත් මේ ආකාරයෙන්ම සෞඛ්‍යමය උපදේශයන් කඩ කිරීමේ ඉඩක් තිබෙන බව ද මෙම නිලධාරීන් සිය ඉල්ලීම හරහා පෙන්වා දෙන්නේය.
ඔවුන් විසින්ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළව ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor