චීන හමුදා ගැන ඇස ගසාගෙන සිටින නවීන ඉන්දීය චන්ද්‍රිකාවක්

ටිබෙටයේ සිටින චීනභමුදා පිළිබඳ විමසිල්ලෙන් පසුවීම සඳහා නවීන ඉන්දීය චන්ද්‍රිකාවක් යොදවා ඇතැයි මාධ්‍ය වාර්තාවක් කියාසිටියා.


India TV ආයතනය විසින් වාර්තා කරන ලද පරිදි මෙම චන්ද්‍රිකාව නවීන ඉලෙක්ට්‍රොනික බුද්ධි මෙහෙයුම් චන්ද්‍රිකාවක් වන අතර එය මගින් යම් ප්‍රදේශයක හමුදා රේඩියෝ සංඥා නිරීක්ෂණය කළහැකි බවයි වාර්තා වන්නේ.


පසුගිය මාස දෙක තුළ දෙපාර්ශවයේ හමුදා අතර අක්සායි චින් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් හේතුවෙන් චීන හමුදා පිළිබඳ ඉන්දීය ආරක්ෂක අංශයන් හි විමසිල්ල වැඩි වී තිබෙනවා. දෙපාර්ශවය අතර සාකච්ඡා ඇරඹීම හේතුවෙන් මෙම ගැටුම් තාවකාලිකව නැවතී තිබුණද හමුදා අතර සීමාව පිළිබඳ අවසන් එකඟතාවක් තවමත් ඇතිකරගැනීමට හැකිවී නැහැ.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor