
රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් අද (27) පාසල් ආරම්භ කෙරේ. එම ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම, මැතිවරණ කටයුතු සඳහා යොදවා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් හෙට (28දා) සිට 31 වැනි දා දක්වා වූ දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
මෙම කාල සීමාව ඇතුළත සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර, සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මැතිවරණ කටයුතු සඳහා පාසල්වල පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.