රාජාං­ග­ණය තැපැල් ඡන්ද විම­සීම 29 දා

කොවිඩ්-19 වසං­ගත තත්ත්වය හේතු­වෙන් සංච­රණ සීමා පැනවූ රාජාං­ග­ණය ප්‍රදේ­ශයේ තැපැල් ඡන්ද විම­සීම 29 දා පැවැ­ත්වෙන බව මැති­ව­රණ කොමි­ෂන් සභාව පව­සයි.

දිස්ත්‍රික් තේරී­ම්භාර නිල­ධා­රීන්, නියෝජ්‍ය සහ සහ­කාර මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රුන් ඇතුළු නිල­ධා­රීන් සමඟ මැති­ව­රණ කොමි­සම ඊයේ (2‍6) සාක­ච්ඡා­වක නිරත වූ අතර, එම සාක­ච්ඡා­වේදී මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා මේ බව අනා­ව­ර­ණය කර තිබේ.

එහිදී නිරෝ­ධා­ය­න­යට ලක්වන පුද්ග­ල­යන්ට ඡන්දය භාවිත කිරී­මට අව­ස්ථාව ලබා­දීම සම්බ­න්ධ­යෙන්ද සාකච්ඡා කර ඇත.

නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­වල සහ නිරෝ­ධා­ය­න­යට ලක්කර ඇති නිවෙ­ස්වල ඡන්ද දාය­ක­යන්ට ලබන 31 වැනිදා ඡන්දය ලබා­දී­මට අව­ස්ථාව සල­සා­දීම පිළි­බ­ඳව අද (27) අව­සන් තීර­ණ­යක් ගන්නා බවද මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා මෙහිදි පවසා තිබේ.

මේ අතර අගෝස්තු 5 වැනිදා පැවැ­ත්වෙන ඡන්දයේ පළමු ප්‍රති­ඵ­ලය අගෝස්තු 6 වැනිදා පස්ව­රුව වන විට නිකුත් කිරී­මට බලා­පො­රොත්තු වන බවද මැති­ව­රණ සභා­ප­ති­ව­රයා මෙහිදී පවසා ඇත.

මැති­ව­ර­ණය පැවැ­ත්වීම, ඡන්ද ගණන් කිරීම, ආර­ක්ෂක විධි විධාන ආදි කරුණු රැසක් සම්බ­න්ධ­යෙන් මේ සාක­ච්ඡා­වේදී අව­ධා­නය යොමු­ කෙරිණි.

Recommended For You

About the Author: Editor