
ඉදිරි වසර පහ තුළදී රට වෙනස් විය යුතු බැවින් දේශපාලනයෙන් ඈත් වී නොසිට මෙවර මහා මැතිවරණයේදී සිය වටිනා ඡන්දය භාවිත කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා තරුණ පරපුරෙන් ඉල්ලා සිටියි. තරුණ පරපුර දේශපාලනයෙන් ඉවත් වී ඇත්තේ දේශපාලනඥයන්ගේ වරදින් බව පෙන්වා දුන් ඒ මහතා
පසුගිය සමයේදී පාර්ලිමේන්තුව තුළ මන්ත්රීවරුන්ගේ හැසිරීම නිසා ඔවුන් එපා වූ තරුණ පිරිස මන්ත්‍රීන් 225ම දියවන්නාවට ඇද දැමිය යුතුය යන මතයේ සිටින බවද පැවසීය.
2015 ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන අපේක්ෂකයාට විශාල බලාපොරොත්තු සහිතව තරුණයන් ඡන්දය දුන්නද බලාපොරොත්තු සුන් කළ බව කී වික්රමසිංහ මහතා තරුණයන්ට දේශපාලනය එපා වීම සාධාරණ බවද සඳහන් කළේය.