
පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සහ බැදුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා යන දෙදෙනාම අද 27 පෙරවරු 9. 00ට ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 24 වැනිදා ලබා දුන් නියෝගයට අනුව රිෂාඩ් බදියුදීන් මහතා අද වවුනියාව ඉරට්ටපෙරියකුලම් පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකය හමුවේ පෙනී සිටීමට නියමිත අතර රවී කරුණානායක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතය.
මොවුන් දෙදෙනා මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමට නියමිත බැවින් රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රකාශය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වවුනියාව පොලිසිය වෙත යොමු වන අතර රවී කරුණානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු බැවින් දහවල් 1.30 වන තෙක් පමණක් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මොවුන් දෙදෙනා මැතිවරණ කටයුතුවල නියැළී සිටින බැවින් මහ මැතිවරණයට පසුව දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්රාත්ෙවරයා මේ නියෝගය සිදු කළේය.