
මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ වී අලෙවි මණ්ඩලයට මිල දී ගැනීමට ගබඩා පහසුකම් තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම පැවැසුවේය.
කෙසේ වෙතත්, මෙවර යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 21ක් බවට කෘෂි කර්ම අමාත්‍යාංශයේ වාර්තා සඳහන් කරයි.
වියළි වී කිලෝග්‍රෑමයක් රුපියල් 50.00 බැගින් ද තෙත වී කිලෝග්‍රෑමයක් රුපියල් 44.00 බැගින් ද මිලදී ගන්නා බව පැවැසේ.
අම්පාර, කුරුණෑගල, මඩකලපුව, උතුරු පළාත ඇතුළු ප්‍රදේශ රැසක වී මිල දී ගැනීමේ කටයුතු අරඹා ඇතැයි ද මේ වන විට වී මෙට්‍රික් ටොන් 80ක් මිල දී ගෙන ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
වී මිල දී ගැනීම සඳහා දකුණු පළාතේ ද ගබඩා කීපයක් ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.