විග්නේෂ්වරන් උතුරට- නැගෙනහිරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් ෆෙඩරල් විසඳුමක් හා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවට දෙමළ ජනතා ජාතික සන්ධානය සිය මැතිරවරණ ප්‍රකාශනය එළි දක්වමින් පෙන්වා දී ඇත.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දෙමළ ජනතා ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය එළි දැක්වීම උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රදානත්වයෙන් ඊයේ (26දා) සිදු කෙරිණි.

වවුනියාව සංස්කෘතික රංග ශාලාවේ පැවැත් වූ වැඩසටහනක දී සිටි විග්නේශ්වරන් විසින් මෙම පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලදී. දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායකයා වන්නේ ද විග්නේෂ්වරන්ය.

ප්‍රධාන කාරනා රැසකින් සමන්විතව පිටු 11කින් යුතුව මෙම මැතිවරණ ප්‍රකාශය සකස් කොට ඇත.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා ගැනීම, උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීම ආදී ප්‍රධාන මාතෘකා යටතේ එම මැතිවරණ ප්‍රකාශනය සකස් කොට ඇති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයෝ පැවැසූහ.

Recommended For You

About the Author: Editor