
මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධව මරණ දඩුවම නියමවී සිටින හිටපු මන්ත්‍රී දුමිද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සදහාවූ සියළු ලේඛණ සකස්කර අවසන් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ මාධ්‍යය හමුවක් කැදවමිණි. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා අනාවරණය කලේ ප්‍රසිද්ධ මාධ්‍යයවේදියෙක්ගේ මුහුණු පොතේ පල කරලා තිබුණා දුමින්ද සිල්වා නිදහස් කිරිමට අවශ්‍යය ලිපි ලේකන හදලා ඉවරයි , මහ මැතිවරණයෙන් පස්සේ ලිපි ලේඛණ වලට අත්සන් කිරිමට නියමිතයි කියලා අපිට දැන ගන්නට තියෙන්නේ යනුවෙන්ද ප්‍රකාශ කලා.