තවත් කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට ….

තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ(20) රාත්‍රි කළ විශේෂ මෙහෙයුකින් රුපියල් මිලියන 52කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 174 යි ග්‍රැම් 50ක් සොයාගත් බවත් ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් කන්කසන්තුරේ පොලීසියට භාරදුන් බවත් නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani