Gone with the Wind හි නිළි ඔලිවියා ඩි හැවිලන්ඩ් මියයයි

හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය යුගය යයි ගැණෙන සමයේ එය වර්ණවත් කළ අයගෙන් ජීවතුන් අතර සිටි ප්‍රධානම අයකු වූ ඔලිවියා ඩි හැවිලන්ඩ් අභාවප්‍රාප්ත වුණා.


පැරිස් නගරයෙහි ජීවත් වූ ඇය මියයන විය 104 වන වියෙහි පසුවුණා. ඇය ස්වභාවික හේතූන් මත මියගිය බව ඇගේ ප්‍රකාශකයකු නිවේදනය කළා.


වෘතාන්ත චිත්‍රපට පනහකට පමණ රංගනයෙන් දායක වූ ඇය වඩාත්ම ප්‍රකටව සිටියේ Gone with the Wind (1939) චිත්‍රපටය හේතුවෙන් යයි කිව හැකියි. ඇය මියයන විට එහි රංගනයෙන් දායක වූ අයගෙන් ජීවතුන් අතර වූ අන්තිමයා ද වුණා. ඇය 1946 දී To Each His Own චිත්‍රපටය සඳහා ද 1949 දී The Heiress චිත්‍රපටය සඳහා ද හොඳම නිළියට හිමිවන ඔස්කාර් සම්මාන දිනාගත්තා.


ඇගේ සොයුරිය ජොඈන් ෆොන්ටේන් ද ඔස්කාර් සම්මානලාභී නිළියක වූ අතර දෙදෙනා අතර වූයේ ඉතා ප්‍රකට මෙන්ම දැඩි එදිරිවාදිකමක්.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor