
මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2019 ජූලි 29 වැනිදා සිට පසුගිය (2020) මැයි 18 වැනිදා දක්වා කාලයේ දී වාණිජ බැංකු දෙකකට සහ මූල්‍ය ආයතන තුනකට රුපියල් ලක්ෂ හැටක දඩ පනවා ඇත.
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතල අනුව මෙම දඩ මුදල් නියම කර තිබේ.
මෙලෙස පනවන ලද දඩ පිළිබඳ විස්තර ප්‍රකාශයට පත් කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර ඇත.