
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ කරන ලෙස දීපව්‍යාප්ත සේවා රැසක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ වෛද්‍ය හා ඉංජිනේරු සේවාවන්හි නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාව 61 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව මේ වනවිට පියවර ගෙන තිබීමය.විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරන ලෙස වෙනත් සේවාවන්ද ඉල්ලීම් කර ඇති බවත්, එම ඉල්ලීම් ක්‍රියාත්මක කළ හැකිද නොහැකිද යන්න පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් විමසීමේදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.