ඩෙබිඩ් කාඩ්පත් භාවිතා කරමින් කල මහා පරිමාණ මූල්‍ය වංචාවක් අනාවරණ වෙයි

මෙරට බැංකු විසින් නිකුත් කර ඇති ඩෙබිඩ් කාඩ්පත් උපයෝගී කරගනිමින් සිදු කළ මූල්‍ය වංචාවක් අනාවරණ කර ගෙන තිබේ.
විමර්ශන කණ්ඩායම් පැවසුවේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදාළ වංචාව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි.

සිය ඩෙබිඩ් කාඩ්පත් සඳහා අදාළ සමාගම් විසින් ලබාදුන් සහන මුදලක් එලෙස වංචාකර ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වූ බව විමර්ශන කණ්ඩායම් පවසයි.

එම කණ්ඩායම් පවසන්නේ, ඉන් මෙරට බැංකු වෙත විශාල මූල්‍ය පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

එහෙත් අදාළ වංචාව කල්තියා දැනගැනීමත් සමග ඊට මැදිහත් වීම හමුවේ එම වංචාව නතර කිරීමට හැකි වූ බවද විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වංචනිකයින් විසින් වංචා කළ අදාළ මුදල් වලින් කොටසක් දැනටමත් අදාළ සමාගම් වලින් අයකර ගැනීමට හැකි ව ඇති අතර, සෙසු මුදල් ද, කඩිනමින් අයකර ගැනීමට අපේක්ෂා කරන බවද, විමර්ශන කණ්ඩායම් පවසයි.

අදාළ වංචාව සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Recommended For You

About the Author: Editor