
තම ආරක්ෂක අංශ විසින් පියාසර කරන ලද ඩ්‍රෝනයක් ලෙබනනයේදී කඩා වැටුණ බව ඊශ්‍රායලය ඉරිදා ප්‍රකාශ කළා.
ඊශ්‍රායලය පවසන්නේ කාර්මික දෝෂයක් මත මෙම කඩාවැටීම සිදුවූ බවයි.
දිනකට ඊශ්‍රායලය විසින් ලෙබනන දේශසීමාව ප්‍රදේශයේ ඩ්‍රෝන විස්සක් පමණ දියත් කරන්නේ යයි මැදපෙරදිගින් එන වාර්තා පවසා සිටිනවා.
ඊශ්‍රායලය මෙසේ ඩ්‍රෝන දියත් කරන්නේ හිස්බුල්ලා සහ ලෙබනන හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටයි. ජූලි 20 වනදා සිරියාවේ ඩමස්කස් නගරය අසළ ස්ථානයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සටන්කාමියකු මියගිය පසු ඔවුන් විසින් ඊට ප්‍රතිචාර දක්වනු ඇතයි ඊශ්‍රායලය සැක කරනවා. එහෙයින් ඔවුන් සිය විමසිලිමත්භාවය තවත් වැඩි කර තිබෙනවා.
ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය දකුණු ලෙබනනය ආශ්‍රිතව නිතර ගැටෙනවා. ඔවුන් අතර 2006 දී ඉතා දරුණු යුද්ධයක් ද ඇතිවුණා.
හිස්බුල්ලා සංවිධානය ඉරානයේ සහය ලබන අතර සිරියාවේ ද ඉරාන හමුදා රැඳී සිටිනවා. ඊශ්‍රායලය පවසන්නේ තම දේශසීමා ප්‍රදේශවල ඉරාන හමුදා ස්ථානගත වීමට තමන් ඉඩ නොදෙන බවයි.
