පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර අද හමුවක්

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර හමුවක් අද පැවැත්වේ.
ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී ය.

අද උදෑසන 10 ට පැවැත්වෙන එම හමුවේදී එළැඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අතර ලබන 29 වැනිදාට පෙර මහ මැතිවරණයට අවශ්‍ය ඡන්ද පෙට්ටි සහ සෙසු ද්‍රවයන් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

Recommended For You

About the Author: Editor