
රුසියානු නාවික හමුදාව, සිය නාවික දිනය සැමරූ ජූලි 26 වනදා නවීන හයිපර්සොනික් (ශබ්දයේ වේගය ඉක්මවා යන) මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
එරට ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ “අද්මිරාල් ගොර්ෂ්කොෆ්” යුධ නෞකාවේ සිට කළ “ත්සිර්කොන්” මිසයිලයේ අත්හදා බැලීම සාර්ථක වූ බවයි. එමගින් එම මිසයිලයට අනන්‍ය තාක්ෂණික සහ උපක්‍රමික ලක්ෂණ තහවුරු වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියා.
මෙම මිසයිලය ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක් වේගවත් බවත් එහි පරාසය කිලෝමීටර් 1000 ක් පමණ වන බවත් ජනාධිපති ව්ලදිමීර් පුටින් මීට පෙර අවස්ථාවක හෙළිදරව් කර තිබුණා.
රුසියානු බලධාරීන් පවසන්නේ මෙම මිසයිලය තමන් සම්බන්ධව සිටින අවිහරණ ගිවිසුම් උල්ලංඝණය නොකරන බවයි.
