
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරයේ තෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය වළකන්නට දැන් විස්මිත යමක් සිදු විය යුතුය.ඒ තරමට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය සමඟ තරඟාවලි ජයක් ගැන වන බලාපොරොත්තුව කොදෙව්වන් දෙසට හැරී ඇත.තෙවන ටෙස්ට් තරඟයේදී එම මාවත විවර කර දීමට පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එංගලන්තය වෙනුවෙන් අනගි මෙහෙයුමක නිරත වූ ක්‍රීඩකයා ස්ටුවර්ට් බ්‍රෝඩ් ය.
එංගලන්ත පළමු ඉණිමේ අවසාන භාගය වේගවත් ලකුණු 62 න් සැරසූ බ්‍රෝඩ් පන්දු යැවීමේදී කොදෙව්වන්ට බා දුන්නේ ලකුණු 31 පමණි.එහිදී ඒ වෙනුවට කොදෙව් කඩුලු 6 ක් ම තමා සතු කර ගන්නට බ්‍රෝඩ් ට හැකි විය.මේ නිසා කොදෙව් පළමු ඉණිම ලකුණු 197 ට සීමා විය.කිසිඳු කොදෙව් ක්‍රීඩකයෙක් අර්ධ ශථකයක් වාර්තා නොකළ අතර කොදෙව් ඉණිමේ දකින්නය අර්ධ ශතකයක් ඉක්මවා ගිය සබඳතාවයක් දකින්නට ලැබුණේද එකක් පමණි.එය නායක ජේසන් හෝල්ඩර් (46) සහ ශේන් ඩව්රිච් (37) හත්වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ ලකුණු 68 ක සබඳතාවයයි.
එංගලන්තයේ දෙවන ඉණිම පළමු අංක තුන දරන පිතිකරුවන්ට පමණක් සීමා විය.ඔවුන් තිදෙනාම ජයග්‍රහණය පිළිබඳව උවමනාවෙන් සහ සපල කර ගැනීමට ඇති තද උවමනාවෙන් පිතිකරණයේ යෙදිණ.තිදෙනාම අර්ධ ශතක ලබා ගත් අතර ඒ අතරින් ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් අගනා ලකුණු 90 ක් බා දැවී යමින් අවාසනාවන්ත ලෙස ශතකය අහිමි කර ගැනීමත් සමඟ එංගලන්ත ඉණිම අත් හිටවිණ.ඒ වන විට නායක ජෝ රූට් නොදැවී ලකුණු 68 ක් ගෙන කඩුල්ලේ රැදී සිටිය අතර දැවී ගිය අනෙක් ආරම්භක පිතිකරුවා වන ඩොම් සිබ්ලි ලකුණු 56 ක් එකතු කර දි තිබිණ.ඒ අනුව ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට දින දෙකකටත් මදක් වැඩි කාලයක් තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 389 ක ඉලක්කයක් හිමි වි ඇත.
එහෙත් තරඟයේ දින තුනක් නිමා වන විට කොදෙව්වන් තමන්ගේ කඩුලු දෙකක්ම ලකුණු 10 ක් තුළ අහිමි කර ගෙන තිබිණ.ආරම්භක පිතිකරු ජෝන් කැම්බල් ලකුණු නොලබාමත් සහ ගොම්මන් පිතිකරු වූ කැමරන් රෝච් ට සිය රාජකාරිය වරද්දමින් ලකුණු 4 ත් ක්‍රීඩා පිටියෙන් ඉවත් කර යැවීමට යළිත් ක්‍රියාත්මක වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් විය.ඒ අනුව සිව්වන දිනයේ තරඟයට පිවිසෙන කොදෙව්වන්ගේ ජයග්‍රහණය සඳහා වන ලකුණු ඉලක්කය ලකුණු 379 ක් වන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 4 ක් ඉතිරිව තිබේ.
තරඟයේ ලකුණු පූවරුවට පහත සදබඳතාවයෙන් පිවිසෙන්නට හැකියාව ඇත.
