විදෙස් නෞකාවල සේවය කළ ලාංකිකයන් ඇතුලූ 55ක් දිවයිනට

විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුලූ ගුවන් මගීන් 55 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර් සිට පැමිණි කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් අද අලූයම 1.30ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ඇත.

විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට අයත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අටදෙනෙකුද එලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

ගුවන් තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

Recommended For You

About the Author: Editor