ඉන්දීයේ හිටපු ටේස්ට් ක්‍රීඩකයෙක්ටත් කොවිඩ් 19

හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රීඩකයෙක් වන චේතන් චවුහාන් කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීම නිසා රෝහල් ගත කර ඇත.1969 වසරෙදී ටෙස්ට් වරම් ලබා ගන්නා චව්හාන් 1981 තෙක් වසර 11 ට වැඩි කාලයක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙසට් තරඟ 40 ට ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයෙකි.

එසේම එක්දින තරඟ පිටියට පිවිසීමට 1978 දී චවුහාන්ට අවස්ථාව ලැබුණ ද 1979 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඔහු ඇතුළත වී නැත.ඔහු 78 සිට 1981 දක්වා එක්දින තරඟ 7 දී ඉන්දියාව නියෝජනය කර තිබේ.

උත්තර ප්‍රදේශ් ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමතිවරයා ලෙස වර්තමානයේ කටයුතු කරන චව්හාන් ඔහුගේ ක්‍රීඩා ජීවිතය තුළ ජාතික කණ්ඩායමේ ක්‍රියා කර ඇත්තේ ආරම්භක පිතිකරු ලෙසය.ඒ බොහෝ අවස්ථාවදි සුපිරි ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් සමඟය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor