
යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 26,942 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අද (27) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් විසි නව දෙනෙකු (29) තම නිරෝධායන කටයුතු අවසන් කර තිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.
ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිදෙනෙකු ද (03), හේකිත්ත නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) වශයෙන් වේ.
එසේම, අද (27) දිනය වනවිට පුද්ගලයින් 26,942 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (27) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 3,556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.