
පරිපාලනයට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරී තිබෙන මොහොතක වර්ථමාන දැල්පන්දු සම්මේලනය නාම යෝජනා කැඳවා අලුත් පරිපාලනයක් පත් කර ගතහොත්;අධිකරණයේ තීරණය අනුව පත්වෙන පරිපාලනයේ නීතිමය තත්ත්වයද අභියෝගයට පත් වෙනු ඇතැයි ක්‍රීඩා නීතිය පිළිබඳ ප්‍රවීනයෝ අදහස් දක්වති.
නිලවරනය සඳහා නාම යෝජනා කැදවීම සහ විරෝධතා දැක්වීම වැළක්වීමට අනියම් ආකාරයෙන් කාලය හරස් වෙන ආකාරයෙන් ක්‍රියා කර ඇති බවට පාර්ශව කිහිපයක් හරහා ලැබුණු තොරතුරු පිළීබද විමසීමේදී ඉහත තොරතුරු අනාවරණය කර ගන්නට හැකි විය.
සිකුරාදා (ජූලි 24) භාරගත් නාම යෝජනා වෙනුවෙන් විරෝධතා භාර දීමට ලබා දී ඇත්තේ අද (27 වන සඳුදා) දිනය.සෙනසුරාදා සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් බැවින් අද වන විට අදාල නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතාවක් ලබා ගැනීමට අදාළ පාර්ශව දැනුවත් කිරීමට කාලයක් නැත.සාමාන්‍ය පරිදි ප්‍රමානවත් කාලයක් ලබා නොදෙමින් කටයුතු කිරීම උපක්‍රමික ක්‍රියා මාර්ගයක් බවත් දැල් පන්දු පරිපාලනයට පමණක් නොව ඒ සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යංශ පරිපාලනයද වගකිව යුතු බව පෙන්නා දෙමින් ඇතැම් අය කරනු ලබන අතර වාර්තාවන තොරතුරුවලට අනුව නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයන්ද ඒ සඳහා ප්‍රමානවත් කාලයක් නැතිකම සම්බන්ධයෙන් විමතිය පළ කර ඇත.
