වික්ටෝරියා ප්‍රාන්තයේ දිනක වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වේ

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 532 ක්. මේ අතර ගතවූ පැය 24 දී මරණ හයක් ද වාර්තා වුණා.
මේ වනවිට ප්‍රාන්තය තුළ රෝගීන් 4542 ක් සිටිනවා. ඉන් 683 දෙනකු වැඩිහිටි නිවාස ආශ්‍රිත අය බව වාර්තා වන අතර සෞඛ්‍ය සේවකයන් 400 ක් ද ඒ අතර වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 245 ක්. ඉන් 44 දෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ද නව ආසාදිතයින් 17 දෙනකු වාර්තා වුණා. අනෙකුත් ප්‍රාන්තවල ද ආසාදිතයන් කිහිප දෙනකු අලුතින් වාර්තා වුණ ද ඔවුන් ප්‍රජාව තුලින් හමුවූවන් නොවේ.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor